ලියන්න හිතාගෙන හිටියෙ වෙන දෙයක්. ඒත් රාමසාන් ලඟ එනබව දැන ගත්තම මේක මතක් උනා. රාමසාන් කාලෙ අන්තිමට මෙහෙම තමයි. අපෙ සිංහල අවුරුදු කාලෙ වගෙ. (නමුත් ගොඩක් වෙනස්) සංදර්ශන හැම තැනම. සෑහෙන නිවාඩුත් ලැබෙනවනෙ. මේ පහුගිය අවුරුදෙ සිද්දියක්.
මාලදිවයිනෙ අගනුවර (මාලේ) ප්‍රධාන පාරක තමයි මේක දකින්න ලැබුනෙ.
මෙහෙ සාම්ප්‍රදායික සංගීතය සමග නැටුමක්. කොහොමද ඇදුම් විලසිතා ටික.

නරඹන්නන් අතරේවත් ගෑණු නෑ නේද? ඇයි ඒ?
@ බිன்ku..
ගැහැණු නැතුව නෙවෙයි. කැමරාවට අහුවෙලා නැහැ. සාමාන්‍යයෙන් ගැහැණු, ළමයි වටවෙලා බලනවා.
මෙහෙ ගැහැණු ගැන කියන කොට මතක් වෙන්නෙ ඉස්සර අපෙ රටේ තිබුනයි කියන තත්වය. (දෙවුන්දර තුඩුවෙ ඉඳන් පේදුරු තුඩුවට යන්න පුලුවන් කියන කතාව )
මෙහෙ රෑ 12ට උනත් පාරවල් වල තනියෙන් යන කාන්තාවන්ගෙන් අඩුවක් නැහැ. කොඅහොමත් රෑ 11 වෙනකල් කඩ සාප්පු ඇරල තියෙන්නෙ. එළිවෙන ජාමෙ වෙනකන් කොල්ලොත් එක්ක එහෙ මෙහෙ ඇවිඳින අයත් ඉන්නව. වැරදියට තේරුම් ගන්න එපා. ගණිකාවන් ගැන නෙවෙයි කියන්නෙ.
@-බිன்ku-
0:27 දි දකුණු කොනේ ඉන්නෙ කාන්තාවක් නේද?
@ Anu..
ඔව්. එතන ඉන්නෙ කාන්තාවක් තමයි. ඒ විතරක් නෙවෙයි, අනිත් පැත්තෙ පොලිස් නිළධාරියෙක් ඉන්න තැනත් කිහිප දෙනෙක් ඉන්නවා.
මෙක මුස්ලිම් රටක් උනාට කාන්තාවන්ට සෑහෙන නිදහසක් තියෙනවා.