මහ මුහුදේ සෆාරියක් 1

සෑහෙන දවසකට පස්සෙ ආයෙත් ලියන්න ලැබුනෙ. අපෙ Apartment එකේ කටියම fishing trip එකක් ගියා හවස. හරියට දඩයමේ යනව වගෙ. තැනයි, සතයි, ක්‍රමයයි වෙනස්. මට නම් මෙලො රහක් නෑ. මම නැවතුනා.

මාස කීපයකට කලින් Office එකෙන් ගියා මරු Trip එකක්. එකත් මුහුදු ගමනක්. මෙහෙ ඉතින් මුහුදෙ නැතුව වෙන කොහෙ යන්නද. අපි ගියා සෆාරියක්. කෲස් එකක. අඩි 99ක් දිග, අඩි 34ක් පළල තට්ටු 3ක වහනයක්. කාමර 10ක් තියෙනව. හරියට පොඩි හෝටලයක් වගේ. මේ තියෙන්නෙ රූප ටිකක්.






අපි බ්‍රහස්පතින්ද දවසක හවස ගමන පටන් ගත්තෙ. ජැටියෙ ඉදන් පොඩි බෝට්ටුවකින් කෲස් එකට ගියා. ඒක ජැටිය අයිනටම ගන්න බැහැ. බොට්ටුවෙන් කෲස් එකට මාරුවෙන එක තමයි ප්‍රශ්නෙ. දෙකම පැද්දෙනව. කට්ටිය ඔක්කම දෙපාරකට අවෙ.

සවස 4 වෙනකොට අපි පිටත් උනා. කෲස් එක ඇතුලෙ ඉන්නවනම් මේක යනව කියල දැනෙන්නෙත් නැහැ. පාවෙන හෝටලයක්ම තමයි. පැයක විතර ගමනකින් පස්සෙ නවාතැනට අවා. අපෙ නවාතැන උනේ, මුහුද මැද වැලිපරයක්.(SandBank) ගහක් කොළක් නැති මීටර් 200ක් විතර දිග මීටර් 25ක්-30ක් පළල සුදුම සුදු පුංචි දූපතක්. කෲස් එක නැවැත්තුවෙ ඊට මීටර් 50ක් විතර ඈතින්, ගැඹුරු මුහුදෙ.ඒ හරිය මීටර් 35ක් විතර ගඹුරුයි. ඒක දැනගත්තෙ නැංගුරම් දානකොට.

ඊට පස්සෙ අපි වැලිපරයට ගොඩවුනා. කෲස් එක කොහෙ ගියත් යන්නෙ පුංචි බෝට්ටුවකුත් ඇදගෙනයි. ඒකෙන් 3-4 ගමනකට ගියා. දැන් මුළු දූපතම අපේ. ඈතින් තියෙන දූපත් කීපයත්, තැන තැන තියෙන බෝට්ටු කීපයකුත් ඇරුනම කවුරුවත් නැහැ. දඟලලා, කෑගහලා, පිස්සු නටන්න කියාපු තැන. වටේට මීටර් 5ක් විතර නොගැඹුරු මුහුද. සමහර තැන්වල ඊටත් වැඩියි. එත් එතනින් එහාට...ගැඹුරු මුහුද.

වටේ නොගැඹුරු කොටසෙ කොරල්, මාළු සෑහෙන ප්‍රමානයක්. ටිකක් වෙලා සෙල්ලම් කරල බැස්ස වතුරට. මෙහි ඉතින් ....නෝ බෝතල්, ෆුල් ආතල් නෙ. ඉතින් කවුරුත් ගැන බයවෙන්න දෙයක් නැහැ. ගොගල්ස් දාගෙන අපි කිමිදිලා බැලුවා. නිල් පාට පැහැදිලි වතුර නිසා හොඳට පේනවා. හරිම ලස්සනයි. පැය 2ක් විතර වතුරෙ. ආපහු කෲස් එකට එනකොට රෑ 7 පහුවෙලා. නාලා තේ එකක් එහෙම අරන් ඉස්සරහ තට්ටුට ආවා. වටේටම තද කලුවර. ඈතින් ලයිට් එළි කීපයක්නම් පෙනවා. ඒත් කිසිම සද්දයක් නැහැ. මහ මුහුද මැද්දෙ අපි විතරයි.

මහ මුහුද මැද්දෙ, අඩ අදුරෙ, සීතල සුළගත් එක්ක, උනු උනු කිරි තේ එකක් බොනකොට .......කොහොමද සැප..අපි මෙහෙම සැප ගන්න අතරෙ තව කට්ටියක් අපහු ගියා දූපතට, Barbecue දාන්න. පැයකට විතර පස්සෙ ඔක්කොම ආවා. ඊට පස්සෙ රෑ කෑම. කෑමත් මරු. ලංකාවෙ දෙන්නෙක් තමයි සම්පූර්ණයෙන්ම ඒවා කරන්නෙ. ඉතින් අහන්නත් දෙයක්ද.

මේ රූප ටිකත් බලන්න. කථාව ටිකක් දිගයි වගේ. තව රූප ටිකකුත් එක්ක ඉතිරි ටික වෙනම දාන්නම්.