දිය යට කැබිනට් ‍රැස්වීමක්.

මේක කලින් අහපු නැති කෙනෙක් නම් පුදුම වෙයි, වෙන තැනක් නැතුවද වතුර යට කැබිනට් ‍රැස්වීම් තියන්නෙ කියලා. මුහුදු මට්ටම ඉහල යාම නිසා,ජලයෙන් යටවීමේ වැඩිම අවදානමක් ඇති තැනක් තමයි, මාලදිවයින.
තව ටික කාළයක් ගියාම පය ගහන්නවත් බිමක් ඉතුරු වෙන්නෙ නැහැ. මාලදිවයින බලන්න වෙන්නෙ මුහුද යටින් ගිහින් තමයි.

ඒ වෙනුවෙන් ඊයේ, එනම් සෙනසුරාදා කැබිනට් මංඩලයේ විශේෂ ‍රැස්වීමක් පැවැත් උනා, මුහුදු පතුලේ.
දෙසැම්බ්ර් මාසයේ කෝපන්හේගන් නුවර පැවැත්වෙන සමුළුවකට (UN climate change talks) ඉදිරිපත් කිරීමට ප්‍රකාශයකටද අත්සන් කලා.












ජනාධිපති හා ඇමතිවරු අත්සන් කරමින්..
මාලදිවයිනේ ජාතික කොඩිය තමයි, පිටිපස්සෙ තියෙන්නෙ.

මේ video දෙකත් බලන්න..





මේ රටත් එක්ක බලනකොට අපේ රට මහා විශාලයි තමයි. එත් මේ ප්‍රශ්නෙදි අපටත් යම්කිසි බලපෑමක් තියෙනබව අපි අමතක කරන්න හොඳ නැහැ.

රාමසාන් උපවාසය.

ලෝකෙ පුරා ඉන්න මුස්ලිම් බැතිමතුන් මේ දවස් වල රාමසාන් උපවාසය කරනවා. මුස්ලිම් රටක් වෙච්ච මෙහෙත් රාමසාන් ඉහලින් සමරනවා. වැඩ කරන්න තියෙන්නේ උදේ 9 ඉඳන් සවස 4 වෙනකන් විතරයි.


මෙච්චර කාලයක් රාමසාන් කාලෙ දවල්ට හැම හෝටලයක්ම වහලා. (තරු පන්තියේ හෝටල් නෙවෙයි.) නමුත් පළමු වතාවට මේ පාර ඉන්දියන් හෝටල් කීපයට උදේට, දවල්ට කෑම සපයන්න අවසර දීලා තියෙනවා. හැබැයි ඒවයින් කෑම කනවනම් තමන්ගෙ work permit එකේ copy එකක් දෙන්න ඕනේ. හෝටලයේ සියළු වීදුරු පිටතින් නොපෙනෙන විදියට ආවරනය කරලා දොර වහල තියන්න ඕනෙ. පාරෙ tooth pick, serviette භාවිතයත් තහනම්. උදේටයි දවල්ටයි කඩවල ඔය දෙකම නැහැ. මොකද කවුරුහරි අත පිහ දාමින් එළියට ගියොත් ප්‍රශ්නයක් වෙනවා. ඒනිසා අත පිහදාන්න ලොකු තුවායක් එල්ලලා තියෙනවා.


ඒ විතරක් නෙවෙයි දවල්ට කෑම ජාති පාරෙ ගෙනියන්නත් බැහැ. කවුරුවත් ගෙනියන්නෙත් නැහැ. මොකද කලින් එහෙම ගෙනියන කොට මෙහෙ අය එවා අරන් වීසි කරලා.මෙහෙ වැඩ කරන ගොඩක් දෙනෙක් කෑම උයන්නෙ නැහැ. පිටින් ගන්නෙ.( ඒකටත් ගොඩක් හේතු තියෙනවා.ඉඩපහසුකම්, කාලය වගේ..) උදේ 5 කලින් කෑම එනවා. උදේ එකයි දවල් එකයි දෙකම දොරේ එල්ලලා යනව. හැබැයි එළිය වැටෙනකල් තිබුනොත් උදේටත් නොකාම උපවාස කරන්නයි වෙන්නෙ. පහුගිය දවසක අපේ කීපදෙනෙකුටත් එහෙම උනා. උදේ බලනකොට කෑම නැහැ.


අන් අයගේ කුසගින්න තේරුම් ගැනීම මේකේ එක පරමාර්ථයක් බව කිව්වත් මෙහෙ උන්ටනම් ඒක වැටහෙන බවක්නම් පේන්නෙ නැහැ.

කොහොම උනත් මේක Business එකක් කරගත්ත කට්ටියකුත් ඉන්නවා. උපවාසය හමාර කිරීම (Break fast ) සඳහා බොහෝ හෝටල්වල special packages හඳුන්වාදී තියෙනවා, සුවිශේෂි මිළකට.පහුගිය දවසක උපවාස නොකරපු අපිත් breakfast එකකට සහභාගි උනා. රට ඉඳි වලින් පටන්ගෙන පේර හා කොමඩු යුෂ සමග ඉදිරියට...











හැබැයි තව දවස් කීපයකින් මේ ඔක්කොම ඉවරයි. පරන පුරුදු පාරෙම යන්නයි තියෙන්නෙ.

මේවා ලිව්වෙ කාටවත් මඩ ගහන්න නොවුනත්, හෙට වෙනකොට මාව කරෝල වාඩියකටවත් දායිද දන්නෙ නැහැ.

මහ මුහුදේ සෆාරියක් 2

පහුගිය දවස්වල වැඩ වැඩි උනා. ඉතිරි කොටස ලියන්න ගොඩක් ප්‍රමාද උනා.

කලින් කොටස නැවතුනේ කට්ටියම රෑ කෑමට ආපු තැනින්. කෑමට පස්සෙ බෝට්ටුවෙ ඉස්සරහ කොටසේ පුංචි සාජ්ජයක් දැම්ම. සිංහල සිංදුවයි, මෙහෙ සිංදුවයි. වැඩේ නැගල ගියා. මහ මුහුද මැද්දෙ රෑ ජාමෙ සිංදු කියන එකත් අළුත් අත්දැකීමක්. ඊට පස්සෙ සමහරු නටන්නත් පටන් ගත්තා. මම කලින් කිව්ව වගේ මේ කිසිම දෙයකට මත් ද්‍රව්‍ය සම්බන්ධ උනේ නැහැ.

කට්ටියට නිදා ගන්න මතක් වෙනකොට රෑ 12ත් පහුවෙලා. සමහරු කාමරවල නිදා ගත්තත් ගොඩක් කට්ටිය එළියෙ තමයි නිදාගත්තෙ. හොඳම තැන වහලෙ උඩ. තරු ගනන් කර කර නිදාගත්තා.

උදේ නැගිටිනකොට වැලිපරයෙ විශාල කුරුළු රංචුවක්. අපි හිතගෙන හිටියෙ ඒක පාළු දූපතක් කියලා. එත් ඒකෙ අයිතිකාරයො සිය ගානක් ඉන්නවා. ඉර එළිය වැටෙනවත් එක්කම උන් ඔක්කොම පිටවෙලා ගියා.

ඈතින් පේන දූපතකට ඉහලින් ඉර පායනකොට ගොඩක් ලස්සනයි. මුහුදත් හරිම සන්සුන්. බෝට්ටුවෙ කෙලවරකට වෙලා, උදේ කෑම වෙලාව වෙනකම් අවට සිරි නැරඹුවා. කෑමෙන් පස්සෙ ආපහු නෑම. වැලිපරයට ගිහින් ආපහු ආවෙ දවල් කෑමට.

කෑමෙන් පස්සෙ ආපහු එන්න පිටත් උනා. සවස 4 විතර මාලෙට ආවා. ගිය විදියටම කෲස් එක මග නවත්තල, පොඩි බෝට්ටුවකින් තමයි ගොඩබිමට ආවෙ.


***මට chat එකෙන් කතා කරපු අයත් කිව්ව Photos ලස්සනයි කියලා. නිසා කතාව කෙටි කරල, වැඩිපුර photos ටිකක් දාන්නම්.


රාත්‍රී සාජ්ජය





තව අඩියක් පස්සට ගියානම්, ටයිටැනික් එකට වෙච්චදේම තමයි.











දූපතේ අයිතිකාරයො පිටත් වෙන්න සූදානමින්..
කළු පාටට පේන්නෙ කුරුළු රංචුව.










මුහුද මැද්දේ උදෑසනක්


























කොහොමද කරනම?
අපේ සමහරු ගහන කරනම්වල
හැටියට මේවා මොනවද









මාළු බලන්නයි, කොරල් බලන්නයි නියම තැන.




TITANIC Part II







කොහොමද අපේ කට්ටිය?


මේ Photos දෙකම ගත්තේ ආපසු එන අතර,බෝට්ටුව ගමන් කරත්දි













දෙවෙනි තට්ටුවෙ පිටුපස.


මේ මොන කෙහෙල්මලක්ද?



















දුරට ඇපල්, ළඟට පැපොල්..
මාලදිවයිනේ අගනුවර, මාලෙ







*** මේ ගමනට ශ්‍රී ලාංක්කයින් 15 දෙනෙකු පමණ සහභාගී වුවත්,සමූහ ඡයාරූපයේ හැර අනෙක් ඡයාරූපවල සිටින සියලු දෙනා මාලදිවයින් ජාතිකයන් බව සලකන්න. ***

මහ මුහුදේ සෆාරියක් 1

සෑහෙන දවසකට පස්සෙ ආයෙත් ලියන්න ලැබුනෙ. අපෙ Apartment එකේ කටියම fishing trip එකක් ගියා හවස. හරියට දඩයමේ යනව වගෙ. තැනයි, සතයි, ක්‍රමයයි වෙනස්. මට නම් මෙලො රහක් නෑ. මම නැවතුනා.

මාස කීපයකට කලින් Office එකෙන් ගියා මරු Trip එකක්. එකත් මුහුදු ගමනක්. මෙහෙ ඉතින් මුහුදෙ නැතුව වෙන කොහෙ යන්නද. අපි ගියා සෆාරියක්. කෲස් එකක. අඩි 99ක් දිග, අඩි 34ක් පළල තට්ටු 3ක වහනයක්. කාමර 10ක් තියෙනව. හරියට පොඩි හෝටලයක් වගේ. මේ තියෙන්නෙ රූප ටිකක්.






අපි බ්‍රහස්පතින්ද දවසක හවස ගමන පටන් ගත්තෙ. ජැටියෙ ඉදන් පොඩි බෝට්ටුවකින් කෲස් එකට ගියා. ඒක ජැටිය අයිනටම ගන්න බැහැ. බොට්ටුවෙන් කෲස් එකට මාරුවෙන එක තමයි ප්‍රශ්නෙ. දෙකම පැද්දෙනව. කට්ටිය ඔක්කම දෙපාරකට අවෙ.

සවස 4 වෙනකොට අපි පිටත් උනා. කෲස් එක ඇතුලෙ ඉන්නවනම් මේක යනව කියල දැනෙන්නෙත් නැහැ. පාවෙන හෝටලයක්ම තමයි. පැයක විතර ගමනකින් පස්සෙ නවාතැනට අවා. අපෙ නවාතැන උනේ, මුහුද මැද වැලිපරයක්.(SandBank) ගහක් කොළක් නැති මීටර් 200ක් විතර දිග මීටර් 25ක්-30ක් පළල සුදුම සුදු පුංචි දූපතක්. කෲස් එක නැවැත්තුවෙ ඊට මීටර් 50ක් විතර ඈතින්, ගැඹුරු මුහුදෙ.ඒ හරිය මීටර් 35ක් විතර ගඹුරුයි. ඒක දැනගත්තෙ නැංගුරම් දානකොට.

ඊට පස්සෙ අපි වැලිපරයට ගොඩවුනා. කෲස් එක කොහෙ ගියත් යන්නෙ පුංචි බෝට්ටුවකුත් ඇදගෙනයි. ඒකෙන් 3-4 ගමනකට ගියා. දැන් මුළු දූපතම අපේ. ඈතින් තියෙන දූපත් කීපයත්, තැන තැන තියෙන බෝට්ටු කීපයකුත් ඇරුනම කවුරුවත් නැහැ. දඟලලා, කෑගහලා, පිස්සු නටන්න කියාපු තැන. වටේට මීටර් 5ක් විතර නොගැඹුරු මුහුද. සමහර තැන්වල ඊටත් වැඩියි. එත් එතනින් එහාට...ගැඹුරු මුහුද.

වටේ නොගැඹුරු කොටසෙ කොරල්, මාළු සෑහෙන ප්‍රමානයක්. ටිකක් වෙලා සෙල්ලම් කරල බැස්ස වතුරට. මෙහි ඉතින් ....නෝ බෝතල්, ෆුල් ආතල් නෙ. ඉතින් කවුරුත් ගැන බයවෙන්න දෙයක් නැහැ. ගොගල්ස් දාගෙන අපි කිමිදිලා බැලුවා. නිල් පාට පැහැදිලි වතුර නිසා හොඳට පේනවා. හරිම ලස්සනයි. පැය 2ක් විතර වතුරෙ. ආපහු කෲස් එකට එනකොට රෑ 7 පහුවෙලා. නාලා තේ එකක් එහෙම අරන් ඉස්සරහ තට්ටුට ආවා. වටේටම තද කලුවර. ඈතින් ලයිට් එළි කීපයක්නම් පෙනවා. ඒත් කිසිම සද්දයක් නැහැ. මහ මුහුද මැද්දෙ අපි විතරයි.

මහ මුහුද මැද්දෙ, අඩ අදුරෙ, සීතල සුළගත් එක්ක, උනු උනු කිරි තේ එකක් බොනකොට .......කොහොමද සැප..අපි මෙහෙම සැප ගන්න අතරෙ තව කට්ටියක් අපහු ගියා දූපතට, Barbecue දාන්න. පැයකට විතර පස්සෙ ඔක්කොම ආවා. ඊට පස්සෙ රෑ කෑම. කෑමත් මරු. ලංකාවෙ දෙන්නෙක් තමයි සම්පූර්ණයෙන්ම ඒවා කරන්නෙ. ඉතින් අහන්නත් දෙයක්ද.

මේ රූප ටිකත් බලන්න. කථාව ටිකක් දිගයි වගේ. තව රූප ටිකකුත් එක්ක ඉතිරි ටික වෙනම දාන්නම්.




සාම්ප්‍රදායික සංගීතය සමඟ...



ලියන්න හිතාගෙන හිටියෙ වෙන දෙයක්. ඒත් රාමසාන් ලඟ එනබව දැන ගත්තම මේක මතක් උනා. රාමසාන් කාලෙ අන්තිමට මෙහෙම තමයි. අපෙ සිංහල අවුරුදු කාලෙ වගෙ. (නමුත් ගොඩක් වෙනස්) සංදර්ශන හැම තැනම. සෑහෙන නිවාඩුත් ලැබෙනවනෙ. මේ පහුගිය අවුරුදෙ සිද්දියක්.






මාලදිවයිනෙ අගනුවර (මාලේ) ප්‍රධාන පාරක තමයි මේක දකින්න ලැබුනෙ.
මෙහෙ සාම්ප්‍රදායික සංගීතය සමග නැටුමක්. කොහොමද ඇදුම් විලසිතා ටික.


සවස අහස




ගොඩක් කාලෙක ඉදන් ලියන්න හිතන් හිටියත්, කරන්න බැරි උනා. මුල්ම සටහන පහුගිය දවසක සවස අහසෙ මැවුන අමුතු රටවක්. සිහින් පොද වැස්සක් එක්ක බටහිර අහස අපේ නවාතැනට පෙනුනෙ මෙහෙමයි.